- යම්තැනීමක් හෝ නිපදවීමේදී සිවිල් තාක්ෂණවේදය යාන්ත්‍රීක තාක්ෂණවේදය විදුලිය සහ ඉලෙක්ට්‍රොනික් තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර 01 ට වැඩි ගණනක දායකත්වය ලබාගැනීමට සිදුවේ.
- ඉහල ක්ෂේත්‍ර 03හි සංකල්පයෙන් පුද්ගලයෙකු වැඩ ලෝකයට අවතීරන වීමේදී සුදුසු ද්‍රව්‍ය තෝරා ගැනීමටත් නිවැරදි ශිල්පීය ක්‍රම හුරු වීමමත් විද්‍යාත්මක ලෙස ප්‍රායෝගිකව දැනුම ලබා ගැනීමට අවශ්‍ය අවස්ථා සම්පාදනය කිරීමත් ඉංජිනේරැ තාක්සණවේදය නම් වේ.
- මිනිසාගේ දියුනුවත් සමග ප්‍රවාහනයට සමාජයේ විශේෂ ස්ථානයක් හිමි විය. අතීතයේ දී රික්ෂෝව,තිරික්කලය සහ අශ්ව කරත්තය ආදිය භාවිතයෙන් මිනිස් සහ සත්ත්ව ජවය භෘවිතා කොට ප්‍රවාහන කාර්යය පහසු කරගත්තද, වාෂ්ප එන්ජිම නිර්මානය කිරීමත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ඇරඹිණි. එය ප්‍රවාහන තාක්ෂණවේදය නම් වූ විෂය බිහි වීමෙහි මූල ආරම්භය විය.පසු කාලීන ව, අභ්‍යන්තර දහන එන්ජිම නිපදවීම ප්‍රවාහන ක්ෂේත්‍රය් විශාල පෙරලියක් ඇති කිරීමටසමත් වූ අතර එය නවීන ස්වයං චල තාක්ෂණවේදය සඳහා මුලපිරීමක් විය.
- මිනිසාගේ අවශ්‍යතා ක්‍රමයෙන් සංකීර්ණ වත්ම ඊට සමගාමීව ප්‍රචාහන අවශ්‍යතාද වැඩි විය. එයට පිළියමක් ලෙස කාර්,වෑන් ලොරි සහ බස් ආදී විවිධ ප්‍රෙභ්දයේ මෝටර් රථ නිර්මාණය වීම ඇරඹිණි.ඒ අනුව,එදිනෙදා ගමන් බිමන් වල සිට කිලෝමීටර් දහස් ගණනක් දුර ගෙවා රටවල් අතර බඩු තොග ප්‍රවාහනය කිරීම දක්වා දක්වා වූ විවිධ ප්‍රවාහන කාර්යයන් සදහා මෝටර් රථ භාවිතය අතිශයින් ප්‍රචලිත විය. මේ අයුරින් මෝටර් රථ ක්ෂේත්‍රෙය් සිදුවූ සංවර්ධනයත් සමගම මෝටර් රථ වල ගමන් වේගය සහ ගෙන යාහැකි බර ප්‍රමාණයද වැඩි වූ අතර, ඊට සරි ලන පරිදි මාර්ග පද්ධති,පාලම්,ඉන්ධන සැපයුම්හල් ආදී නොයෙක් යටිතල පහසුකම්වලද වර්ධනයක් ඇති විය.
- මෙසේ මෝටර් රථය වදිනෙදා ජිවිතයේ බහුලව භාවිතා වන මෙවලමක් බවට පත් වීමක් සමගම ඉක්මනින් සහ පහසුවෙන් ගමන් යෑම සදහාත්, ඉන් ඇතිවන පාරිසරික බලපෑම අවම කර ගැනීම සදහාත් මෝටර් රථවල කාර්යක්ෂමතාව (Efficiency) සහ විශ්වාසනීයත්වය (Reliability) වැඩි කිරීමට සිදුවිය. එසේම,වේගයෙන් ධාවනය කිරීම ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් මගීන්ගේ මෙන්ම පදිකයන්ගෙත් ආරක්ෂාව තහවුරු කිරීම සදහාමොටර් රථවල ස්ථාවරත්වය (Stability) පාලනය (Control) සහ අනතුරුවලින් වන හානිය අවම කරගැනීමේ හැකියව (Safety)වැඩි දියුණු කිරීමටද සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස නූතන මෝටර් රථ තාක්ෂණවේදය විවිධ දිශාවන් ඔස්සේ වර්ධනය වී ඇත.